by Staff writer 29-06-2019 | 3:57 PM
COLOMBO (News 1st) - දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබියදී වර්ජනයේ නිරත වන දුම්රිය සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද සිට දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ය.
සිය රාජකාරි වේලාවන් තුළදී නිසි වේලාවට සේවයට වාර්තා නොකරන සහ ප්‍රමාද වී ධාවනය කරන දුම්රියන් සම්බන්ධයෙන් ද අද සිට දැඩි අවධානයක් යොමු කරන බව ඔහු සඳහන් කළේ ය.
ශ්‍රේණි කිහිපයකට අදාළව වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දුන් විසඳුම් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයෝ එක් දින වැඩ වර්ජනයක ද නිරත වූහ.
ඊට දුම්රිය රියැදුරන්, නියාමකයින්, පාලකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයෝ එක්ව සිටියහ.