පවුල් සෞඛ්‍ය සේවිකාවන් සිව්වැනි දිනටත් අකුරට වැඩ

වයඹ පළාතේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සිව්වැනි දිනටත් අකුරට වැඩ

by Staff writer 29-06-2019 | 7:05 AM

COLOMBO (News 1st) - වයඹ පළාතේ රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වයඹ පළාතේ රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ පසුගිය 26 වැනි දා සිටයි. තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළා ය.