වත්මන් පාලකයින්ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් රතු එළියක්

by Staff writer 29-06-2019 | 8:46 PM
COLOMBO (News 1st) - දැයේ සමයේ සුරක්ෂාව උදෙසා හෙළ භික්ෂු වංශයේ පුනරාගමනය මැයෙන් විශේෂ සඝ සමුළුවක් අද මතුගමදී පැවැත්විණි. මෙම විශේෂ සඝ සමුළුව ආරම්භ වූයේ, මල්වතු අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා ත්‍රෛනිකායික නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම හා ඉස්ලාම් අන්තවාදය මුලිනුපුටා දැමීම අරමුණු කර ගනිමින් යෝජනාවලියක් ඇතුළත් ඓතිහාසික මතුගම සම්මුතිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.