රටට වින කළ 19 ගෙන ආ හැටි....

by Staff writer 29-06-2019 | 9:04 PM
COLOMBO (News 1st) - 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම සඳහා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ලාල් විජේනායක ආදී මහත්වරු මුල්ව කටයුතු කළහ. නමුත් මේ වන විට මතුව ඇති ව්‍යවස්ථා අර්බුදය හමුවේ 19 වන සංශෝධනය ගෙන ආ පාර්ශව ද එය විවේචනය කරමින් මාධ්‍යයට කරුණු දක්වා තිබේ. ද අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පෙනවා දී ඇත්තේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සිය පාර්ශවය මුල් අවස්ථාවේ ගෙන ආ කෙටුම්පත එලෙසම සම්මත වූවා නම් කිසිදු අර්බුදකාරී තත්ත්වයක් පැන නොනගින බව ය. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට, පසුව ගෙන ආ සංශෝධන එම කෙටුම්පත දුර්වල කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.