චීන - අමෙරිකා එකඟතාව

චීන භාණ්ඩ සඳහා තවදුරටත් තීරුබදු අය නොකිරීමට අමෙරිකාව එකඟවෙයි

by Staff writer 29-06-2019 | 12:46 PM

News 1st - චීන භාණ්ඩ සඳහා තවදුරටත් තීරුබදු අය නොකිරීමට අමෙරිකාව එකඟවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙරටේ නායකයින් ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වෙන ජි 20 සමුළුව අතරතුර පැවැති සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, චීන ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා ඉතා ඉහළ ප්‍රගතියක් අත් කර ගත් බවයි. සාකච්ඡාවලදී දෙරට අතර බිඳ වැටුණු වෙළෙඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමටත් දෙපාර්ශවය එකඟ තිබේ. මේ සාකච්ඡා සම්බන්ධයෙන් ඉදිරියේදී ‍දෙරටේම නායකයින් විසින් එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. හුවාවි ඇතුළු චීන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගැනීමත් සමග ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය සහ අමෙරිකාව අතර වෙළෙඳ යුද්ධය තිව්‍ර විය.