ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-06-2019 | 6:23 AM

දේශීය පුවත්

1. ගැසට් නිවේදනය නොසලකා වර්ජනයේ නිරත වීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් පැමිණිලි: දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය නොසලකා වර්ජනයේ නිරත වීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලීසියට පැමිණිලි කර තිබේ. 2. සාෆිගේ නඩුව ගැන CIDය අධිකරණයට කිව්ව දේ: කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තැබිය නොහැකි බව ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි. 3. ගාල්ල ඩිපෝවේ සේවකයින් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ: ගාල්ල ඩිපෝවේ කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. 4. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි: මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 2 වන දා කැඳවීමට තීරණය කෙරිණි.

විදෙස් පුවත්

5. අමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විය.