රටට වින කළ 19 ගෙන ආ හැටි….

රටට වින කළ 19 ගෙන ආ හැටි….

කර්තෘ Staff writer

29 Jun, 2019 | 9:04 pm

COLOMBO (News 1st) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම සඳහා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ලාල් විජේනායක ආදී මහත්වරු මුල්ව කටයුතු කළහ.

නමුත් මේ වන විට මතුව ඇති ව්‍යවස්ථා අර්බුදය හමුවේ 19 වන සංශෝධනය ගෙන ආ පාර්ශව ද එය විවේචනය කරමින් මාධ්‍යයට කරුණු දක්වා තිබේ.

ද අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පෙනවා දී ඇත්තේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා සිය පාර්ශවය මුල් අවස්ථාවේ ගෙන ආ කෙටුම්පත එලෙසම සම්මත වූවා නම් කිසිදු අර්බුදකාරී තත්ත්වයක් පැන නොනගින බව ය.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට, පසුව ගෙන ආ සංශෝධන එම කෙටුම්පත දුර්වල කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]