පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධියේ පරීක්ෂණවලට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් බාධා

පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධියේ පරීක්ෂණවලට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් බාධා

කර්තෘ Staff writer

29 Jun, 2019 | 8:41 pm

COLOMBO (News 1st) – බියගම, මාබිම ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධිය පිළිබඳ නීතිමය කටයුතු වැළැක්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, ඉකුත් 25 වන දා නූර් මොහොමඩ් මොහොමඩ් සිද්ධික් නමැති පුද්ගලයෙකුට අයත් ගබඩාවක් පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝග්‍රෑම් 758,000කට අධික තොගයක් සොයා ගත් බව ය.

අනතුරුව මාකොළ දකුණ සහ හෙයියන්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආහාර ද්‍රව්‍ය ගබඩාවට මුද්‍රා තබා තිබේ.

පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය අතර පරිප්පු, මුං සහ කව්පි ද වන අතර ඒවා කෘමි සතුන් ගහන ආගන්තුක ද්‍රව්‍යයන් සහ පක්ෂි අසූචිවලින් යුක්ත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වැටලීම කළ නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් තර්ජනය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]