දිස්ත්‍රික්ක 4 කට උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක 4 කට උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක 4 කට උණුසුම් කාලගුණයක්

කර්තෘ Staff writer

29 Jun, 2019 | 7:21 am

COLOMBO (News 1st) – පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමු කළ යුතු බවයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]