by Staff writer 28-06-2019 | 4:34 PM
COLOMBO (News 1st) - ගාල්ල ඩිපෝවේ කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
එහි දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, ටිකට් යන්ත්‍රයක් සොරකම් කර මගීන්ට ව්‍යාජ ටිකට් පත් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බව ය.
එමගින් රුපියල් ලක්ෂ ගණනක වංචාවක් සිදුව ඇති බව ඔහු සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් ගාල්ල ඩිපෝවේ පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනෙකුගේ සහ යෙදවීම් නිලධාරියෙකුගේ ද වැඩ තහනම් කර තිබේ.
ව්‍යාජ ටිකට් පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
පොලීසිය සඳහන් කළේ, තවත් ටිකට් යන්ත්‍ර දෙකක් අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ය.