මාතරදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

by Staff writer 28-06-2019 | 3:41 PM
COLOMBO (News 1st) - මාතර කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, එම සැකකරු ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන ජාවාරම්කරුවෙකු බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය. සැකකරු 24 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු තංගල්ල පොලීසියට භාර දී තිබේ.