අඹුසැමි යුවළක්  අත්අඩංගුවට

අඹුසැමි යුවළක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 27-06-2019 | 5:04 PM
COLOMBO (News 1st) : ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති අඹුසැමි යුවළක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණීමේදී ආගමන විගමන නිලධාරීන් විසිනි. ජීව උණ්ඩ 46 ක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට වරෙන්තු නිකුත් වී තිබිණ. එලෙස අත්අඩංගුවට ගැණුනේ ගම්පහ පදිංචි යුවළකි.