යටියන්තොටදී බස් රථයක් කරණම් ගසයි: 28කට තුවාල

යටියන්තොටදී බස් රථයක් කරණම් ගසයි: 28කට තුවාල

by Staff writer 27-06-2019 | 1:03 PM
COLOMBO (News 1st) - යටියන්තොට පැළැම්පිටිය වීඔය වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථය මීටර් 15ක ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව ය. තුවාලකරුවෝ කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. එලෙස අනතුරට ලක් වූයේ පැළැම්පිටියේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයකි.