"දිළිඳුභාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක්"

"දිළිඳුභාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක්" - ජනපති

by Staff writer 27-06-2019 | 7:18 PM
COLOMBO (News 1st) : ජනතාව අතර දිළිදුභාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැගීමේ කාර්යයේදී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බවයි. පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ නව දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. මේ අතර පොළොන්නරුව ඉලුක්වැව කනිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමර 06 කින් සමන්විත ගොඩනැල්ල අද ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. එම උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා සඳහන් කළේ ප්‍රාදේශීය සංවර්ධන සඳහා වෙන් කෙරෙන මුදල් ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් නිසි ව්‍යාපෘති සඳහා යෙදවීමට කටයුතු නොකිරීම හේතුවෙන් තවමත් ග්‍රාමීය වශයෙන් විසඳී නොමැති සංවර්ධන ගැටලු රැසක් පවතින බවයි. https://www.youtube.com/watch?v=Ed-w7DgOPnY