දිස්ත්‍රික්ක කිහිපයකට හෙට දැඩි උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක කිහිපයකට හෙට දැඩි උණුසුම් කාලගුණයක්

by Staff writer 27-06-2019 | 4:09 PM
COLOMBO (News 1st) : පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.