by Staff writer 27-06-2019 | 8:55 PM
COLOMBO (News 1st) : දිගු කලක සිට පිරිසිදු පානීය ජලය නොමැතිව, දුක සේ ඉගෙනුම ලැබු දරු පිරිසකගේ සිහිනයක් සැබෑ කර දෙන්නට අද ගම්මැද්දට හැකි විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අගලිය මහා විද්‍යාලය වසර සියයකට ආසන්න කාලයක් අවට ගම්මාන රැසක දරුවන්ට සිප්සතර ලබාදෙන විදු පියසකි.
එම ප්‍රදේශයේ ජලය බීමට සුදුසු නොවීම නිසා ප්‍රදේශවාසීහු දැඩි කනස්සල්ලෙන් පසුවූහ.
විසඳුම් නොලැබුණු මේ ගැටලුව ගම්මැද්දට යොමු කිරීමෙන් පසු පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීම සඳහා ඉකුත් ජනවාරි 30 වැනිදා මුල පිරී ය.
එච්.කේ.ඩී.ගුණසේකර මහතාගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කෙරුණේ අදයි.
ගම්මැද්ද තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/337044937189295/