by Staff writer 27-06-2019 | 9:36 PM
COLOMBO (News 1st) : අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි විය.
මේ වැඩසටහන පැවැත්වුණේ උතුරු හා නැගෙනහිර පළාත්වල ස්වේචා ගුරුවන් 1119 දෙනෙකුට ස්ථිර පත්වීම් පිරිනැමීම වෙනුවෙනි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාද ඊට සහභාගි වී සිටියේ ය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය.
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පැවැත්විණ.
නිල සංචාරයක් අතරතුර මෙහි පැමිණි දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගනු ලැබී ය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ මෙම සාකච්ඡාවේදී ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කිරිම පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව සංවර්ධන ව්‍යෘපෘති පිළිබඳවද අවධානය යොමුවූ බවයි.