විශ්‍රාමික නිලධාරීන් යළි දුම්රිය සේවයට

විශ්‍රාමික නිලධාරීන් යළි දුම්රිය සේවයට බඳවා ගැනීමේ තීරණයක්

by Staff writer 26-06-2019 | 11:17 AM
COLOMBO (News 1st) - විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ මේ යටතේ විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින්, මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කිරීමට තීරණය කර ඇති බව ය. අදාළ බඳවා ගැනීම සඳහා අනිද්දා නාරාහේන්පිට ශාලිකා ශාලාව වෙත පැමිණෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දෙයි. මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු සෑම බ්‍රහස්පතින්දා දිනයකම මධ්‍යම රාත්‍රී 12.00 සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පසුගියදා ප්‍රකාශ කළේ ය.