මාස 6ක් තුළ හෙරොයින් කිලෝ 1,029ක් පොලිස් භාරයට

මාස 6ක් තුළ හෙරොයින් කිලෝ 1,029ක් පොලිස් භාරයට

by Staff writer 26-06-2019 | 4:39 PM
COLOMBO (News 1st) : වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,029 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම කාලසීමාව තුළදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 20,309 කි. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, 2018 වසර තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 737 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. එම වසරේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 40,987 කි. 2017 වසරේදී හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 29,272 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 278 ක් වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. 2016 වසර තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සහ සැකකරුවන් 27,458 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 2015 වසර තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 40 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් සංඛ්‍යාව 26,047 ක් වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.