මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 26-06-2019 | 7:15 AM
COLOMBO (News 1st) - අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජල නළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙනි. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 24ක කාලයක් ජල සැපයුම අතිහිටු වනු ඇති.