මට්ටක්කුලියේ වෙඩි තැබීම: විත්තිකරුවන් නිදහස්

මට්ටක්කුලියේ වෙඩි තැබීම: විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

by Staff writer 26-06-2019 | 4:16 PM
COLOMBO (News 1st) : මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 15 යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් 09 දෙනා අද සියලු අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණ. ඒ, කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බවත්, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ විශ්වසනීත්වය පිළිබඳව තම අධිකරණයට බරපතළ සැකයක් පවතින බවත් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේ ය. මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී එලෙස පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2016 වසරේ ඔක්තෝබර් 23