දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනයක්

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනයට ඇමති අත්සන් තබයි

by Staff writer 26-06-2019 | 3:06 PM
COLOMBO (News 1st) : දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අද අත්සන් තැබීය. ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ, විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ යටතේ විශ්‍රාමික එන්ජින් රියදුරන්, නියමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින්, මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කිරීමට තීරණය කර ඇති බවයි. අදාළ බඳවා ගැනීම සඳහා අනිද්දා නාරාහේන්පිට ශාලිකා ශාලාව වෙත පැමිණෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දී සිටී. මේ අතර, සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු සෑම බ්‍රහස්පතින්දා දිනයකම මධ්‍යම රාත්‍රි 12 සිට එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි, දුම්රිය වෘත්තිය සමිති පසුගිය දා ප්‍රකාශ කළේ ය.