ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-06-2019 | 6:45 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. කිලිනොච්චිය සහ මුරුකන්ඩි දුම්රිය ස්ථාන අතර 55 හන්දිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් මිය ගියහ. 2. අප්‍රේල් 21 ප්‍රහාරය හේතුවෙන් ආතතියේ යම් වැඩි වීමක් සිදු වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පවසයි. 3. පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ අධ්‍යාපන අමාත්‍යංශ වැඩපිළිවෙළට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. 4. කැලණියේ ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් තිබේ. 5. ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරනු ලබන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ. 6. රජය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 02ක ණය ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර තිබේ. විදෙස් පුවත් 7. ඉරානයට එරෙහිව නව දැඩි සම්බාධක පැනවීමේ නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබී ය.