කලමැටිය ධීවර වරායේ බෝට්ටු 20ක් ගිනි ගෙන විනාශ වෙයි

කලමැටිය ධීවර වරායේ ගින්නක්: බෝට්ටු 20ක් ගිනි ගෙන විනාශ වෙයි

by Staff writer 26-06-2019 | 6:55 AM
COLOMBO (News 1st) - හුංගම කලමැටිය ධීවර වරායේ හටගත් ගින්නකින් ධීවර යාත්‍රා 20කට අධික සංඛ්‍යාවක් ගිනි ගෙන විනාශ වී තිබේ. අද අලුයම ගින්න හටගෙන ඇති අතර, මෙය කිසියම් පාර්ශවයක් විසින් සිදු කළා ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් 5ක් යොදා ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ 2ක් යොදා ගැනිණි.