ඉරාකයේ සහ යේමනයේ IS ත්‍රස්ත නායකයා අත්අඩංගුවට

ඉරාකයේ සහ යේමනයේ IS ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගැනීමට සෞදිය හා යේමනය සමත් වෙයි

by Staff writer 26-06-2019 | 10:25 AM
(News 1st) - ඉරාකයේ සහ යේමනයේ අයි.එස්. ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබිය සහ යේමන ආරක්ෂක අංශ සමත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් ජුනි මස 3 වන දින ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අබු ඔසාමා අල් මුහාජේර් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ය. මෙම මෙහෙයුමෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ඇතුළු තවත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද එම මෙහෙයුම ක්‍රියාත්මක කළ නිලධාරීහු සඳහන් කළහ. මෙම මෙහෙයුමෙන් කිසිදු සිවිල් වැසියෙකුට අනතුරක් නොවූ බව ද සඳහන් ය.