ඇමතිට එරෙහිව සාක්ෂි දුන් නිලධාරියා වැඩ වරදින ලකුණු

ඇමතිට එරෙහිව සාක්ෂි දුන් නිලධාරියා වැඩ වරදින ලකුණු

by Staff writer 26-06-2019 | 10:07 PM
COLOMBO (News 1st) : තමාගේ ඡායාරූපයක් පාසල් පෙළ පොත්වල මුද්‍රණය කිරීම සඳහා මුදල් වැය වූ බවට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ධුරයේ රාජකාරි ආවරණය කළ අයි.එම්. කේ.බී ඉලංගසිංහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ කර නැතැයි අධ්‍යාපන අමාත්‍යවරයා අද අවධාරණය කළේ ය. ඒ අදාළ කාරණාව දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයි. ඉලංගසිංහ විසින් අද දිනයේ ලබා දුන් දිවුරුම් පෙත්සමක් ද අමාත්‍යවරයා අද මාධ්‍ය වෙත ලබා දුන්නේ ය. ඉලංගසිංහ මහතාතවදුරටත් අමාත්‍යංශයේ තනතුරක් හොඹවන බැවින් මෙම මාධ්‍ය හමුවට සහභාගී කර නොගන්නේ මන්දැයි, මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළේ ය.   https://www.youtube.com/watch?v=j4Qsb7mUIeg