UPDATE: කිලිනොච්චියේ මාරක අනතුරක්

UPDATE: කිලිනොච්චියේදී යුද හමුදා රථයක් දුම්රියක ගැටී සෙබළුන් 5 දෙනෙක් මිය යති

by Staff writer 25-06-2019 | 2:33 PM
COLOMBO (News 1st) UPDATE (2.50PM) - කිලිනොච්චිය සහ මුරුකන්ඩි දුම්රිය ස්ථාන අතර 55 හන්දිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් මිය ගියහ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ය. අද පස්වරු 1.45ට පමණ කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය කළ යාල් දේවි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු විය. අනතුරට ලක් වන අවස්ථාවේ ට්‍රක් රථයේ සිටි හමුදා සාමාජිකයින් ගණන 7කි. ඔවුන් ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- කිලිනොච්චිය සහ මුරුකණ්ඩි දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයකදී යුද හමුදාවට අයත් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  පස්වරු 1.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් හමුදා සමාජිකයින් හතරදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසී ය. ලොරි රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි හමුදා සමාජිකයින් 7 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. https://www.youtube.com/watch?v=lblZnheHtoI