වෙළඳසල් හිමිකරු මරා දැමූ කොල්ලකරු සොයා විමර්ශන

වෙළඳසල් හිමිකරු මරා දැමූ කොල්ලකරු සොයා විමර්ශන

by Staff writer 25-06-2019 | 6:56 AM
COLOMBO (News 1st) : දෙහිවල වෛද්‍ය පාර අසල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 63 හැවිරිදි නැදිමාල එබ්‍රහීම් ප්‍රදේශයේ පදිංචි අයෙකි. වෙළඳසලේ ඉදිරිපස දොර අඩක් වසා එහි හිමිකරු දහවල් ආහාරය ගෙන විවේකීව සිටින අතුරතුර සැකකරු දොර විවෘත කර ඇතුළු වී, වෙළඳසල් හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී පළාගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.