වැලිකඩ සිරකරුවන් 150ක් බූස්ස සහ අගුණකොලපැලැස්සට

වැලිකඩ සිරකරුවන් 150ක් බූස්ස සහ අගුණකොලපැලැස්සට මාරු කෙරේ

by Staff writer 25-06-2019 | 6:54 AM
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 150 දෙනෙකු පමණ බූස්ස සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. ඩබ්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, එම පිරිස අතර, මරණ දඬුවම නියම වූ සිරකරුවන් 69 දෙනෙකු ද වන බවයි. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වූ රැඳවියන් රඳවා සිටින මැදිරි ආශ්‍රිතව සිදුකෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන්, එලෙස රැඳවියන් මාරුකර යැවුණු බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. එලෙස මාරු කෙරුණු රැඳවියන් පිරිස ලබන මාසය තුළ යළි වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමට නියමිතයි. මේ වන විට බූස්ස සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් යොදා ඇතැයි ද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.