මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට සිට ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට සිට ජල කප්පාදුවක්

by Staff writer 25-06-2019 | 10:25 AM
COLOMBO (News 1st) : හෙට පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. ඒ, කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙනි. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අතිහිටුවනු ඇති.