පාසල් සිසුන්ට Tab දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය

by Staff writer 25-06-2019 | 6:08 PM
COLOMBO (News 1st) - පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, මෙය මෑත කාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් බව ය. වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. අමාත්‍යංශය පැවසුවේ, ඉතා ඉක්මණින් පාසල් පද්ධතිය තුළට මෙම ටැබ් පරිගණක බෙදා හැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබා දීමට පියවර ගන්නා බව ය. අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කර බව අදාළ නිවේදනයේ සඳහන් විය.