ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-06-2019 | 6:17 AM

දේශීය පුවත්

1. හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස් : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතතාට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී තිබේ. 2.කළුතර රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක් අරඹති : කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් ඊයේ දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 3. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට : අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් පෙත්සම ලබන මස 31 වන දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. 4. ඉන්දුනීසියානු මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්, ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ : ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව තවත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. 5. වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවේ කරුපයියා රාජේන්ද්‍රන් යළි රිමාන්ඩ් : වැල්ලම්පිටිය, තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන මස 8 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. විදෙස් පුවත්... 1. ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි සම්බාධක : ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. විදෙස් පුවත්... 1.දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.