ගලෙන්බිඳුණුවැව සභාපතිගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

ගලෙන්බිඳුණුවැව ප්‍රා. සභා සභාපතිගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 25-06-2019 | 2:08 PM
COLOMBO (News 1st) : ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ, සභාපතිවරයා නිවසේ සිට ඇති අතර, වෙඩි තැබීම සිදුව ඇති බව දැනගෙන ඇත්තේ අද උදෑසන බව ද පොලීසිය පැවසී ය. සභාපතිවරයාට අයත් පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසේ බිත්තියකට වෙඩි ප්‍රහාර දෙකක් සහ වාහනයකට වෙඩි ප්‍රහාර එල්ල වී ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත. ගලෙන්බිදුණුවැව පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.