කෑගල්ලේදී රිවෝල්වරයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කෑගල්ලේදී රිවෝල්වරයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 25-06-2019 | 9:29 AM
COLOMBO (News 1st) : කෑගල්ල, හිරිවඩුන්න ප්‍රදේශයේදී රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඉඩමක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් පැවති ස්ථානයට ගොස් ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් පැමිණි බවට සැකකරන කාර් රථයේ තිබී රිවෝල්වරයක් සහ ජීව පතුම් 6 ක් සොයා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩගුවට ගෙන ඇත්තේ, 32 හා 37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.