ඉරානයට එරෙහි සම්බාධකවලට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරානයට එරෙහි සම්බාධකවලට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරානයට එරෙහි සම්බාධකවලට ට්‍රම්ප් අත්සන් තබයි

කර්තෘ Staff writer

25 Jun, 2019 | 6:55 am

COLOMBO (News 1st) : ඉරානයට එරෙහිව නව දැඩි සම්බාධක පැනවීමේ නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , අත්සන් තැබී ය.

මෙම නව සම්බාධකවලට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනිගේ කාර්යාලය සහ හමුදා ප්‍රධානීන් රැසක් ද ඇතුළත් බව සඳහන් ය.

ඉරානය පෙන්නුම් කළ විරෝධී හැසිරීම් රටාවට එරට ප්‍රබල පුද්ගලයකු වන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ද වගකිව යුතු බැවින් මෙම පියවර ගත් බව පැවසූ ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ, ඉරානයට කෙදිනකවත් න්‍යෂ්ටික අවි සතුකරගත නොහැකි බවයි .

ඉරානය අමෙරිකානු ඩ්‍රෝන යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් මෙම සම්බාධක පනවන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ඉරානයෙන් බොරතෙල් ආනයනය සම්පූර්ණයෙන් ම නතර කරන ලෙස අමෙරිකාව ඉකුත් මැයි මාසයේදී ලොව සියලු රටවලට නියෝග කිරීමෙන් පසු දෙරට අතර පැවති අර්බුධකාරී තත්ත්වය තවත් උත්සන්න විය.

මෙවැනි පසුබිමකදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද සංචාරයක් සඳහා ඉන්දියාවට ළඟාවීමට නියමිත වේ.

ඔහු ඊයේ ඉරානයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවිය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]