හේමසිරිට එරෙහිව අපරාධ විමර්ශනයක් කරන්නැයි උපදෙස්

හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

by Staff writer 24-06-2019 | 4:29 PM

COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතතාට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාට අද උපදෙස් ලබාදී තිබේ.

ඒ, අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ සිද්ධි මාලාව වළක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම හේතු කරගෙන රාජකාරි වශයෙන් කළ ප්‍රබල පැහැර හැරීම මතයි. විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත මීට අදාළ උපදෙස් ලබා දුන් බව රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.