කරුපයියා රාජේන්ද්‍රන් යළි රිමාන්ඩ්

වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවේ කරුපයියා රාජේන්ද්‍රන් යළි රිමාන්ඩ්

by Staff writer 24-06-2019 | 12:09 PM
COLOMBO (News 1st) : වැල්ලම්පිටිය, තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරුවන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන මස 8 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කරන බවයි. මොහුට ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටිය ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. මෙහිදි අධිකරණය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේ, මේ පිළිබඳ විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.