by Staff writer 24-06-2019 | 2:06 PM
COLOMBO (News 1st) : සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායක එඩ් ශීරන් , ඉතිහාසයේ සංගීත චාරිකාවල නිරතවීමෙන් වැඩිම සාර්ථකත්වයක් අත්පත් කරගත් ගායන ශිල්පියා බවට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩිවයිඩ් නමැති ඔහු 2017 වසරේදී ඇරඹි වත්මන් සංගීත චාරිකාවෙන් මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක් උපයා ඇති බවයි.
මීට පෙර සංගීත චාරිකාවකින් වැඩිම මුදලක් ඉපැයූ කලාකරුවා බවට පත්වූයේ යූ ටූ නමැති ගායක කණ්ඩායම බව ද සඳහන් ය.
සිය සංගීත චාරිකාවේ ප්‍රවේශපත් සඳහා සෙසු ප්‍රමුඛ පෙළේ කලාකරුවන්ට සාපේක්ෂව අඩු මුදලක් අය කිරීම එඩ් ශීරන්ගේ සංගීත චාරිකා මෙතරම් සාර්ථක වීමට හේතුවක් වී ඇතැයි, වාර්තා වේ.