ඩුබායි සිට දුම්වැටි ගෙනා සිව්දෙනෙකු අත්අඩංගුවට

දුම්වැටි තොගයක් සමග ලාංකිකයින් සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 24-06-2019 | 5:39 PM

COLOMBO (News 1st) - විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීති විරෝධිව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඔවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. ඩුබායි හා ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසකි. ගමන් මලුවල සුක්ෂම ලෙස සඟවා ඔවුන් දුම්වැටි මෙරටට රැගෙනවිත් ඇති බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.