කොස්ගොඩදී ඇල්ලූ සැකකරුගේ නිවසේ තවත් හෙරොයින්

කොස්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තවත් හෙරොයින්

by Staff writer 24-06-2019 | 8:37 AM
COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියදා කොස්ගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකුගේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 700 ක් සොයා ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 330 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගියදා 19 වැනිදායි. සැකකරු රඳවා තබා වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඔහුගේ නිවසේ තිබී ඊයේ දිනයේදී හෙරොයින් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 700 සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය. එහි නිලධාරියෙකු සඳහන් කළේ, ලබන 26 වැනිදා දක්වා ලද රුඳවුම් නියෝග මත සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, කොස්ගොඩ