කුච්චවේලිහි අනතුරකින් දෙදෙනෙකු මරුට

කුච්චවේලිහි අනතුරකින් දෙදෙනෙකු මරුට

by Staff writer 24-06-2019 | 10:06 AM
COLOMBO (News 1st) : කුච්චවේලි, පොඩවාකට්ටු පාලම අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, රියැදුරුට යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මේ අතර වවුනතිව් සහ වැල්ලව ප්‍රදේශවලදීද සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.