ඉන්දුනීසියානු මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියානු මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් : ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

by Staff writer 24-06-2019 | 9:24 AM
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව තවත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7 .3 ක් ලෙසයි . අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ, මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි. ඕස්ට්‍රේලියාවේ ඩාවින්හි ගොඩනැගිලි කිහිපයකින් පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැත. තවද භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. භූ කම්පනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියාව, බණ්ඩා මුහුද , ප්‍රබල භූ කම්පනයක්