by Staff writer 23-06-2019 | 8:48 PM
ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවන් සඳහා අභියාචනාධිකරණය විසින් වලංගු නොවන හා ශූන්‍ය කළ වැටුප් තලය වසර 2021 දක්වා ගෙවීමට අනුමැතිය ඉල්ලා සන්දේශයක් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබේ.
ඉකුත් 14 දාතමින් යුත් මෙම සන්දේශය විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් හා නීතිපත්වරයාගේ නිරීක්ෂණ ද ගොනු කරමිනි.
ප්‍රශ්නගත වැටුප් තලය ක්‍රම විරෝධි ලෙස සම්පාදනය කර එළි දැක්වූයේ, 2015 වසරේ ජනවාරි මාසයේදී ජනාධිපතිවරණය පැවති දනයේදීයි.
ඉකුත් අප්‍රේල් 2 වන දා අභියාචනාධිතරණය විසින් වලංගු නොවන ශූන්‍ය එකක් බවට තීන්දු කළේ ය.
එතැන් සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවන් සඳහා වැටුපක් වෙනුවට ගෙවනු ලබන්නේ, මාසික දීමනාවකි.
අභියාචනාධිකරණ තීන්දුව පාදක කරගනිමින් නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ අනුව ඉංජිනේරුවන්ට වැටුපක් ගෙවිය හැකි මුත්
අධිකරණය විසින් වලංගු නොවන හා ශූන්‍ය බවට තීන්දු කළ වැටුප ගෙවිය නොහැක.