ජාත්‍යන්තර වැන්දඹු දිනය අද යි...

මෙරට ජනගහනයෙන් 12% ක් වැන්දඹු පවුල් බවට අනාවරණයක්

by Staff writer 23-06-2019 | 7:44 AM

COLOMBO (News 1st) - ලෝක ජනගහනයෙන් මිලියන 258 ක් වැන්දඹුවන් ලෙස දිවි ගෙවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අදට යෙදෙන ලෝක වැන්දඹුවන්ගේ දිනය වෙනුවෙන් වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ, ලොව සෑම වැන්දඹු කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අන්ත දුගී බවින් පෙළෙන බවයි. මෙවර එම දිනයේ තේමාව අදෘෂ්‍යමාන කාන්තාවන් - අදෘෂ්‍යමාන ප්‍රශ්න යන්නයි. එක්සත් ජාතීන් පවසන්නේ, වැන්දඹුවන් සමාජයේ පිළිගැනීමට ලක් කිරීමට හා ඔවුන් ආර්ථික වශයෙන් බල ගැන්වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය. මේ අතර මෙරට ජනගහනයෙන් 12% කට අධික ප්‍රතිශතයක් වැන්දඹු පවුල් සිටින බව මෑත කාලීන දත්ත අනාවරණ කරයි. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය සඳහන් කළේ, ඔවුන්ගේ සුබ සාධනය සඳහා වැඩසටහන් රැසක් සකස් කර ඇති බවය.