බොල්තුබේ සමන් දේවාලය අවට නිධන් සෙවූ 6ක් රිමාන්ඩ්

බොල්තුබේ සමන් දේවාලය අවට නිධන් සෙවූ 6ක් රිමාන්ඩ්

by Staff writer 23-06-2019 | 3:15 PM
COLOMBO (News 1st) : බලංගොඩ, බොල්තුබේ මහ සමන් දේවාලය අවට නිධන් සොයා කැනීම් කළ සැකකරුවන් 06 දෙනෙකු ලබන මස 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් අතර එම දේවාලයේ නිලමේවරයෙකු, කපු මහතෙකු සහ හිමිනමක් ද වන බවයි. සැකකරුවන් බළංගොඩ, බොල්තුබේ සමන් දේවාලයේ පෞරාණික භාණ්ඩ සොරකමට සම්බන්ධ ද යන්න තවදුරටත් විමර්ශනය කරන බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.