by Staff writer 23-06-2019 | 1:14 PM
COLOMBO (News 1st) - බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධ විමර්ශනයට අදාළව පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දෙන්නැයි ප්‍රධාන රාජ්‍ය බැංකුවක මහ කළමනාකාරවරයාට සිතාසි නිකුත් කර තිබේ.
ඒ, පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් විසිනි.
එම කොමිසම පැවසුවේ, බැටික්ලෝ කැම්පස් ආයතනය නමින් අදාළ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම එහි අරමුණ බවයි.
ලබන 26 වැනි දින ඔහු කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති.
එම ගිණුම සම්බන්ධයෙන් මීට පෙර එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ අංශයේ කළමනාකරු ඩබ්ලිව් ජී ජනක් ප්‍රසන්න මහතා ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
එහිදී ඔහු පැවසුවේ, බැටික්ලෝ කැම්පස් ආයතනය නමින් එම බැංකුවේ පවත්වාගෙන යන ගිණුමට විදේශයකින් කිසිදු ණය මුදලක් ලැබී නොමැති බවයි.
මේ අතර පසුගිය දා ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් දෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ, අදාළ ගිණුමට විදේශයකින් ණය මුදලක් ලැබුණු බවයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.