by Staff writer 23-06-2019 | 3:23 PM
COLOMBO (News 1st) : පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
නාවික හමුදාව ප්‍රකාශ කළේ, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් 33, 32, 30 සහ 27 වන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.
ඔවුන් සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 358 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.