දින දෙකක් තුළ ලංගමයට රු. මිලියන 79 ක අදායමක්

දුම්රිය වර්ජන කාළ සීමාවේදී ලංගමයට රු. මිලියන 79 ක අදායමක්

by Staff writer 23-06-2019 | 8:20 AM

COLOMBO (News 1st) - දුම්රිය සේවක වැඩවර්ජනය පැවති කාල සීමාවේදී රුපියල් මිලියන 79 ක අදායමක් ඉපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමත්වී තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ සහ පෙරේදා දිනයේ අතිරේක බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක කළ බවයි. එම කාලය තුළ ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර උපරිම සේවාවක් සැලසු බව ද ඔහු පැවසුවේ ය.