අමෙරිකාවෙන් ඉරානයට නව සම්බාධක

ගැටුම් තීව්‍ර කරමින් අමෙරිකාවෙන් ඉරානයට නව සම්බාධක

by Staff writer 23-06-2019 | 11:18 AM

News 1st - ඉරානයට එරෙහිව නව අතිරේක සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

ඒ, ඉරානය න්‍යෂ්ටික අවි මිලදී ගැනීම වැළැක්වීමේ අරමුණිනි. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ලබන සඳුදා සිට ඉරානයට එරෙහි නව සම්බාධක ක්‍රියාත්මක බවයි. ජාත්‍යන්තරය එකඟවී ඇති සීමාවන් ඉක්මවා යමින් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඉරානය පසුගිය දා නිවේදනය කළේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානය සමෘද්ධිමත් රාජ්‍යයක්වීමට නම් අමෙරිකාව සමග කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් අමෙරිකාවෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමට සූදානම් බව ඉරානය ඊයේ ප්‍රකාශ කළේ ය. දෙරට අතර අර්බුදය උග්‍ර වූයේ අමෙරිකානු ඔත්තුබැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඉරාන විප්ලවවාදී හමුදාව නිවේදනය කිරීමත් සමගය. අනතුරුව ඉරානයට ප්‍රහාර එල්ල කරන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශවලට නියෝග කළ ද පසුව එය ඉවත් කර ගැනුණි.