ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්තවෙයි

by Staff writer 23-06-2019 | 4:57 PM
COLOMBO (News 1st) : ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙනි. ඇය අද පස්වරුවේ අභාප්ප්‍රාප්ත වී ඇත්තේ, ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. මිය යන විට ඇය 83වන වියේ පසු වූ ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳයි.